ළමා කදවුර මාලිබොඩ වසම
========•••=========
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් හා ප්‍රධානත්වයෙන් මාලිබොඩ ග්‍රම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී, ග්‍රම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සංවිධාන ශක්තියෙන්, මාලිබොඩ ග්‍රම නිලධාරී වසමේ, ළමා සමාජ වල දරුවන්ගේ නායකත්ව හා පෞරුෂ වර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, ළමා කඳවුරක් 2023.08.23 වන දින දවස පුරා මාලිබොඩ දේවානන්ද විද්‍යාලයේදී සිංහල හා ද්‍රවිඩ දරුවන් 120 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණි.
01.ළමා ආරක්ෂාව සම්බන්ධ උපදේශනනාත්මක දේශනයක්,
02.ගොක්කොල නිර්මාණ සදහා පුහුණුවක්,
03.බුද්ධි වර්ධන හා කුසලතා වර්ධනය වැඩමුළුවක්,
04.ළමා අපයොජන ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරිමක්,
05.ගී රසවින්දන වැඩසටහනක් හා
06.නායකත්ව පුහුණුව සම්බන්ධ ක්‍රියාකාරකම් ආදී අංග රැසක් ඇතුළත් විය.
එමෙන්ම මෙම වැඩසටහන සදහා දික්ඇල්ලකන්ද විදුහලේ විදුහල්පති තුමිය, මාලිබොඩ දේවානන්ද විදුහලේ විදුහල්පති තුමා, දොඩාවත්ත පොලිස් පරීක්ෂක තුමා, සමෘද්ධි මූලස්ථාන කලමණාකාර තුමිය, මාලිබොඩ බැංකු සංගමයේ කලමණාකාර තුමා සහ සහකාර කළමනාකාරතුමා, සමාජ සේවා නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි , සංස්කෘතික නිලධාරිතුමා, සංස්කෘතික නිලධාරී තුමිය, තරුණ සේවා නිලධාරී, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී ආදී නිලධාරීන් රැසක් සහභාගි වූ අතර සම්පත්දායකත්වය ලබා දීමෙන්ද සහයෝගය දක්වන ලදී.
ඒ වෙනුවෙන් හදපිරි තුති පිරිනමන අතර, ගොක්කොල නිර්මාණ පුහුණුව වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් සෞම්‍ය මහතාටද විශේෂයෙන් ස්තුතිවන්ත වෙමු.



0 Comments