ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන
------------------------------
ප්‍රජාමූල සංවිධාන වාර්ෂික සැලැස්මට අනුව දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි ලස්සෙගම වසම සමෘද්ධි සංවර්ධන නිලධාරිනි එන්.වී.සී.විතාරණ මහත්මිය විසින් සංවිධානය කරනලද ආයුර්වේද වෛද්‍ය සායනය 2023.08.11 දින ලස්සෙගම විහාරස්ථානයේ දි පවත්වනලදි.
පනාවල ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය නිළධාරි තුමියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය, බැංකු සමිති කළමණාකාරතුමිය, මුලස්ථාන කළමණාකාර තුමිය, කලාප කළමණාකාරතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්, දැරණියගල පොලිස් ස්ථානයේ නිලධාරී මහතුන් දැක්වු සහයෝගය කෘතවේදීව සිහිත් කරමු.