මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන
----------------------------
කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මුල් ළමාවිය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මුල් ළමාවිය සංවර්ධන සතියේ දරුවන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ සෞන්දර්යාත්මක වැඩසටහන 2023.08.03 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් දැරණියගල සංස්කෘතික මධ්‍යස්ථාන පෙර පාසලේදී පැවැත්විණි.
මෙහිදී දැරණියගල කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් එක්ව දරුවන් වෙනුවෙන් විචිත්‍රාංග ඉදිරිපත් කරන ලද අතර මේ සදහා දරුවන්ද සම්බන්ධ කර ගන්නා ලදී.
සමාජ සේවා අංශයේ නිලධාරින් මේ සදහා සම්බන්ධ වූ අතර මේ වැඩසටහන සදහා දායකත්වය ලබා දුන් සැමට අපගේ කෘතවේදීත්වය පළ කරමු.