සබරගමුව පළාත් පරිවාස, ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ චාරිකාව 2023.08.30 දින කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක විය.ප්‍රථමයෙන් බෙල්ලන්විල විහාරස්ථානය වැඳපුදාගත් දරුවන් ඉන් අනතුරුව සත්වෝද්‍යානය වෙත රැගෙන යාම සිදු කරන ලදී. ඉන් අනතුරුව පානදුර වෙරළ තීරයට එම දරුවන් කැටුව යන යන ලදී.
මේ සදහා දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුවරියන් හා දරුවන්ද, දැරණියගල කදිරේෂන් දෙමළ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ද, නක්කාවිට කණිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන් හා නිල්වල කණිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ද ඔවුන්ගේ භාරකරුවන්ද සහභාගී කර ගන්නා ලදී.
මෙහිදී දැරණියගල ප්‍රසිද්ධ ව්‍යාපාරික අසිත විජේසූරිය මහතා ඇතුලු පවුලේ සැම විශේෂ අධ්‍යාපන ඒකක වල දරුවන් සඳහා ප්‍රණීත ලෙස සැකසූ දිවා ආහාරයක් සම්පාදනය කිරීමටත්, සවස තේ පැන් සංග්‍රහයක් ලබා දීමටත් කටයුතු කරන ලදී. එතුමාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමන අතර ඊට අමතරව දරුවන්ගේ සංග්‍රහ කටයුතු සඳහා දායකත්වය ලබා දුන් සංවර්ධන නිලධාරි වාසනා ජයතිලක මහත්මියටත්, වනිතා සංවර්ධන නිලධාරිනි නියෝමාලි සුදසිංහ මහත්මියටත් අපගේ කෘතවේදීත්වය පුද කරමු.