මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන
=======••••==========
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් ළමා හා කාන්තා ඒකකය සංවිධානය කළ මුල් ළමාවිය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස බස්නාගල දිමුතු පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කරගෙන පවුල තුළ දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය හා පෝෂණය කෙරෙහි මවගේභූමිකාව, මව්වරුන්ගේ හැසිරීම හා ගෘහ මූල්‍ය කළමනාකරණය බලපාන ආකාරය හා සමාජ ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය විය.
මේ සදහා බස්නාගල වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය හිමිවිය.