--------••••••----------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන්, කාර්යාලීය පරිසර ඒකකයේ සංවිධානයෙන්, ජෛව විවිධත්වය හා ජෛව පද්ධති සුරැකීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.08.28 වන දින පෙ.ව 9.30 සිට 11.30 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන නිලධාරීතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ කාර්යාලීය නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.
මෙහිදී ජෛව විවිධත්වය හා ජෛව පද්ධති සුරැකීම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් ජේෂ්ඨ පරිසර නිලධාරිණි සුමනාවතී මහත්මිය විසින් හරවත් දේශනයක් ඉදිරිපත් කළ අතර, දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම විසින් ඕසෝන් ස්ථරය රැක ගැනීමේ වැදගත්කම තේමාව කොට ගනිමින් "නිහඬ ආරක්ෂකයා" නමින් ආදර්ශවත් නාට්‍යයයක්ද රඟ දක්වන ලදී.
එමෙන්ම මෙම කාර්යය සාර්ථක කර ගනු වස් සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර, මුහන්දිරම් විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, පරිසර නියමු කණ්ඩායමේ සිසු දරු දැරියන් සහ විද්‍යායීය සංගීත කණ්ඩායමේ සිසු දරු දැරියන්ටත් විශේෂ ස්තුතිය පුදකර සිටිමු.