---------------
පුරා වසර හතරක කාලයක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රියදුරු වශයෙන් සේවය කොට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු ලබා යන චන්දික හේමන්ත කුමාර මහතාගේ සමුගැනීම වෙනුවෙන් සුහද හමුවක් 2023.08.25 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් සහ ඉන් පරිබාහිරව ද නිලධාරීන් සමග සුහදව කටයුතු කළ ඒ මහතාට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයේ සුභාශිංසන පිරිනමන අතර, ඔහුගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායිද පතමු.