======================
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද ඌඩපොල කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර අ.පො.ස (සා/පෙ) විභාගයට මුහුණ දීමට සිට්න දරුවන් දැනුවත් කිරීම සදහා පවත්වන ලද වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන 15/08/2023 දින එම පාසැලේ දී පැවැත්විණි.
මෙහිදී, වෘත්තීය යතුර මනෝමිතික පරීක්ෂණය හරහා දරුවන්ගේ හැකියාව හා ලැදියාව අනුව උසස් පෙල විෂයන් තෝරා ගැනීමට හා SWOT විශ්ලේෂණය හරහා තමාව හදුනා ගැනීමටත් අවස්ථාව ලැබුණු අතර මෙම වැඩසටහන සදහා අවස්ථාව ලබාදුන් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතිය පුද කරමු.