නිලධාරීන්ගේ ක්‍රිඩා කුසලතා සංවර්ධනය කිරිමේ වැඩසටහන
===================================
කාර්යාලීය නිලධාරීන්ගේ ක්‍රිඩා කුසලතා ඉහළ නැංවීම තුලින් නිලධාරීන්ගේ මානසික හා කායික සෞඛ්‍ය වර්ධනය කර නම්‍යශීලී, ඵලදායි හා තෘප්තිමත් රාජ්‍ය සේවකයෙක් බිහිකිරීම තුලින් කාර්ය්‍යක්ෂම හා මිත්‍රිශීලී මහජන සේවයක් සැපයීම අරමුණ කර ගනිමින්, Cricket, Volleyball, Badminton, Elle, Netball, Carom, Chess ආදි විවිධ ක්‍රිඩාවලට දක්ෂකම් තිබෙන නිලධාරීන්ගේ එම කුසලතා තවදුරටත් වර්ධනය කිරීමේ ආරම්භයක් ලෙස 18/08/2023 දින Badminton ක්‍රිඩාවට කැමැත්තක් දක්වන කාර්යාලීය නිලධාරීන් උදෙසා Badminton ක්‍රිඩාවේ මූලික නීති රීති සම්බන්ධව පුහුණු සැසියක් කාර්යාලීය ක්‍රිඩා කම්ටුව මඟින් සංවිධානය කරන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය විශ්‍රාමික හමුදා නිලධාරී හා පැරා ඔලිම්පික් ක්‍රිඩක ලලිත් මහතා විසින් ලබා දෙන ලද අතර, එතුමාට කාර්යාලීය ක්‍රිඩා කමිටුවේ ස්තූතිය පුද කරමු.



0 Comments