-------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද දැරණියගල සිරිසමන් ජාතික පාසලේ 12 වසර දරුවන් සදහා වූ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන 17/08/2023 දින එම විදුහලේ දී ඉතා සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා සිරිසමන් ජාතික පාසලේ විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලය විසින් ලබාදුන් සහයෝගයත් හා දෙහිඕවිට කලාප අධ්‍යාපන කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ සහකාර අධ්‍යක්ෂ ඉනායා මහත්මිය ලබාදුන් සහයෝගය සිහිපත් කරන අතර මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වයට එක්වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරි රංජිත් මුගුනුවල මහතා සහ මානව සම්පත් නිලධාරී උපුල් තිලකසිරි මහතා, වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරි තුෂාර කුමාර මහතා හා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ පුහුණු පරීක්ෂණ නිලධාරිතුමියගේ දායයකත්වය සිහිපත් කරමු .