ළමා මූලික ආපදා අවම කිරීම වැඩසටහන
-----------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් පසුගියදා පවත්වන්නට යෙදුණි. ඒ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද ළමා මූලික ආපදා අවම කරන වැඩසටහන් මාලාව යටතේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක කරන වැඩසටහන කීරීහේන "සදරැස් ළමා සමාජය" මූලික කරගෙන ක්‍රියාත්මක කරන ලදී.
ඒ වැඩසටහන සදහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී,ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරි, උපදේශන නිලධාරී, ආපදා සහන සේවා නිලධාරී, සංවර්ධන නිලධාරී(ආපදා) ඇතුළු නිලධාරීන් සම්බන්ධ වූ අතර ආපදා අවම කිරීම උදෙසා දරුවන්ට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඉතා සරළව දරුවන් දැනුවත් කිරීම මෙහිදී සිදු කරන ලදී. මේ සදහා සහයෝගය ලබා දුන් වසමේ රාජ්‍ය නිලධාරින්ට හා ප්‍රදේශවාසීන්ට අපගේ කෘතවේදීත්වය පළ කරමු.