ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීමෙන්, දැරණියගල උතුර වසමේ රණමයුර සුබසාධක සමිතියේ සංවිධාන ශක්තියෙන් ළමා අපයෝජනය සහ මත්නිවාරණය පිළිබද පාසල් සහ පෙරපාසල් වල දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023-08-08 දින මුහන්දිරම් මාවතෙහි අබේනායක මහතාගේ නිවසේදී පැවැත්විණි.
වසමේ ග්‍රාම නිලධාරී මහතාගේ සම්බන්ධීකරනයෙන් පැවති වැඩසටහනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සම්පත්දායකත්වය සමාජ සේවා නිලධාරී සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් ලබා දෙන ලදී.


0 Comments