ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක වන වැඩිහිටි ග්‍රාමීය කමිටු අතර තවත් එක් ග්‍රාමීය කමිටුවක් වන අංහෙට්ටිගම වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ වාර්ෂික සංවත්සරය 28/07/2023 වන දින අංහෙට්ටිගම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සිදු විය. ඊට අමතරව අංහෙට්ටිගම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍යපාද කොටගල වාචිස්සර ස්වාමීන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදු කල අතර මීට සමගාමීව "වියපත් නොවූ සවිමත් සිතක්" වැඩසටහනේ ව්‍යයාම කීපයක් වැඩිහිටියන්ට හදුන්වා දීම සිදු කරන ලදී. මේ සඳහා වසම භාර ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හා සමාජ සේවා අංශයේ නිලධාරින් සහභාගි විය.