Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

සබරගමු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන



සබරගමු පළාත් ඩෙංගු මර්ධන සතියට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින්, දැරණියගල පොලිස් ස්ථානය අසල සිට සති පොල දක්වා වූ නගර සීමා බල ප්‍රදේශය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම හා කැළි කසල එකතු කිරීමේ වැඩසටහනක් 2023.07.19 වන දින පෙ.ව. 9.00 සිට ක්‍රියාත්මක කෙරුණි.
මෙම වැඩසටහනට සමගාමීව ඩෙංගු උවදුර සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදාදීමක්ද සිදු කරන ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දැක්වූ සියලු දෙනාටම හදපිරි ස්තුතිය පිරිනමමු.


 

Post a Comment

0 Comments