ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් වනිතා සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කල ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්
ලස්සේගම කාන්තා සංවිධානයේ සාමාජිකාවන් මුලික කරගෙන 2023-07-07 දින ලස්සේගමදී පැවැත්විණි. මෙහිදී කොස් කොත්තු, ඉතුරු වූ බත් වලින් සකසන බත් පුඩින්, මඤ්ඤොක්කා බයිට් ආදී ආහාර වර්ග සකස් කිරීම පිළිබඳව ප්‍රයෝගික වැඩමුළුවකට සම්බන්ධ වීමට කාන්තා සමිතියේ සාමාජිකාවන් හට අවස්ථාව උදා විය. ඉන් අනතුරුව සමාජ ආරක්ෂණ නිලධාරී විසින් සමාජ ආරක්ෂණ විශ්‍රම වැටුප් ක්රමය හා එහි ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සිදුකළ අතර මේ සදහා සහයෝගය දැක්වූ වසමේ සියලු රාජ්‍ය නිලධාරීන්ට අපගේ කෘතවේදීත්වය පල කරමු


1 Comments
Grate work.well done
ReplyDelete