දැරණියගල ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම පරිදි කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් 2023.07.24 වෙනි දින, "කාර්යාලයීය පුස්තකාලය හා නිර්මාණ පුවරුව" විවෘත කිරීමේ සමාරම්භක උත්සවය පවත්වන ලදී.
නිලධාරීන්ගේ හැකියාවන් වර්ධනය කිරීමත්, කාර්යාලයීය නිලධාරීන්ගේ මානසික සුවතාවය පවත්වා ගෙන යාම සඳහාත්, ඒ තුළින් වඩාත් සඵලදායී වූ මහජන සේවාවක් ප්‍රදේශයේ ජනතාවට අත්කරදීමත් මේ කාර්යයන් තුළින් අපේක්ෂිත අරමුණු අතර වේ.