කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යිංශයේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සදහා ඉගෙනුම් උපකරණ, පුටු, මේස, කබඩ් හා වතුර ෆිල්ටර් ඇතුළු උපකරණ රාශියක් බෙදාදීමේ වැඩසටහනක් 2023.07.05 දින ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය, දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කනක හේරත් මැතිතුමාගේ හා හිටපු පළාත් සභා මත්‍රි අජිත් ශ්‍යාමින්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම හා ඔවුන්ට අධ්යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මේ අවස්ථාව සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ කාර්යාලයීය නිලධාරීන් සහභාගි වූ අතර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත කාන්තා හා ළමා ඒකකයේ නිලධාරීන් විසින් මෙහි සංවිධාන කටයුතු සිදු කරන ලදී.