ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අප කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කරන ලද, ආහාර සුරක්ෂිතතාව තේමා කරගනිමින් ආර්ථික අර්බුදය ජයගන්නට ග්‍රාමීය ව්යවසායකයින් උනන්දු කරවීමේ වැඩසටහනක් 2023.07.11 දින සම්පත්සිරිපුර ප්‍ර ජාශාලාවේදි පැවැත්විණි.
සමෘද්ධි සංවර්ධන නිළධාරිනි ඒ.ජී.නන්දනි විජේකාන්ති මහත්මියගේ අදහසකට අනුව ක්‍රියාත්මක වු මෙම වැඩසටහනේ අවම පහසුකම් භාවිතාකරමින් ආදේශන ආහාර නිෂ්පාදනය පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරිම සිදුකරනලද්දේ සමාජ සංවර්ධන නිළධාරි සඳමාලි මහත්මිය විසින්. මේ සඳහා සම්පත්සිරිපුර ප්‍රජාමුල සංවිධානයේ සාමාජික මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.