ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අභාවයට යමින් පවතින ගොක්කොළ ආශ්‍රිත සැරසිලි කලාව නොනැසී පවත්වාගෙන යාමටත්, අනාගත පරපුරට දායාද කර දීමත්, දරුවන්ගේ මානසික සුවතාවයත් යන කරුණු අරමුණුකොටගෙන දැරණියගල දකුණ වසමේ ළමා සමාජය මූලික කරගනිමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද දේශීය සැරසිලි හා නිර්මාණ වැඩසටහන 2023.07.20වෙනි දින පැවැත්විණි.
මේ සදහා සම්පත්දායකත්වය සපයන ලද්දේ දැරණියගල සංස්කෘතික බල මණ්ඩලයෙහි සාමාජිකයෙකු හා ප්‍රවීණ කලාකරුවකු වන සෞම්‍ය ප්‍රදීප් රාජපක්ෂ්‍ය මහතා විසිනි.
මෙම වැඩසටහන සදහා වසම් භාර සංවර්ධන නිලධාරීන් දෙපළ, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හා උපදේශන නිලධාරි යන නිලධාරීන් විසින් පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.