දහම් පාසැල් ගුරු පුහුණු වැඩසටහන
-----------------------------
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහයෙන් 23/07/2023 වැනි දින පැවති දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන සදහා කොට්ඨාසයේ දහම් පාසල් 39ක් සම්බන්ධ වූ අතර ගුරුවරුන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ පූර්ණ අනුග්‍රහය මෙම වැඩසටහන සදහා ලැබිණි. දැරණියගල ශාසනාරක්ෂක බලමණ්ඩලය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේගෙ 29 වන දිනට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් එදින රැස්වූ සියලුමදෙනාට දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහයක් ද ලබාදීම සුවිශේෂී අංගයක් විය.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බෞද්ධ කටයුතු අංශය මෙහෙයවූ මෙම වැඩසටහන ඉතා ඵලදායි වැඩසටහනක් වූ බව ගුරුවරුන් පැවසීය. මහාචාර්ය සරත් චන්ද්රසිරි මහතා සහ
විශ්ව විද්‍යාල කථිකාචාර්ය හංසනී මහත්මිය විසින් විශේෂ දේශන පවත්වන ලදී.