දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව මුහුණ දෙන ජල ගැටලු සදහා විසදුම් ලබා දීමේ අරමුණින් විශේෂ රැස්වීමක් 2023.07.28 වන දින පෙ.ව. 11.00 ට ගරු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ගරු තාක්ෂණ රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කනක හේරත් මැතිතුමා, හිටපු පළාත් සභා මන්ත්‍රී / පොදුජන පෙරමුණු දැරණියගල ආසන සංවිධායක අජිත් ශ්‍යාමින්ද මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් හා ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), හා වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරීන්, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ග්‍රාම නිලධාරී වසම් නියෝජනය කරමින් ජල පාරිභෝගික සමිති වල නියෝජිතයින් රැසක්ද සහභාගි වූහ.