ශ්‍රී ලංකාවේ මිනිස් වෙළෙඳාමට එරෙහිව සටන් කිරීමට සිවිල් සංවිධාන බලගැන්වීමේ ව්‍යාපෘතියට අදාළව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "මිනිස් වෙලදාම වැළැක්වීමේ හා සුරක්ෂිත සංක්‍රමණය" පිළිබඳ ප්‍රාදේශීය සංසදයේ දෙවන හමුව 2023.07.24 වන දින ප.ව. 2.30 ට SAFE පදනමේ මැදිහත් වීමෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ මිනිස් වෙළඳාමට එරෙහිව සටන් කිරීමට සිවිල් සංවිධාන බලගැන්වීමේ සංවිධානයේ ව්‍යාපෘති කලමනාකාරතුමා විසින් විශේෂ දේශනයක්ද සිදු කරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ ECRP සංවිධානයට විශේෂ ස්තුතියි පුද කරමු.


0 Comments