ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, සබරගමු පළාත් සභාවේ අනුග්‍රහය ඇතිව දැරණියගල සිරිසුමන නිවාසයේ නේවාසිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස පසුගියදා කොළඹ කේන්ද්‍ර කර ගත් වන්දනා හා විනෝද චාරිකාවක් ක්‍රියාත්මක විය.
මෙහිදී වැඩිහිටි නිවාසයේ නේවාසික මව්වරුන්ට හා පියවරුන්ට මානෙල්වත්ත විහාරස්ථානය, කැලණිය රජමහා විහාරස්ථානය, ගංගාරාම විහාරස්ථානය දැක බලා වැඳ පුදා ගැනීමේ අවස්ථා උදා විය. ඊට අමතරව කොළඹ විහාර මහා දේවී උද්‍යානය හා මුහුදු වෙරළ දැක බලා විනෝද වීමේ අවස්ථාව ද ලබා දෙන ලදී. මේ සදහා සහයෝගය දැක්වූ සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.