සබරගමු පළාත් ඩෙංගු මර්ධන සතියට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ප්‍රාදේශීය සභාවේ කාර්යාල මණ්ඩලය එක්ව, කණ්ඩායම් වශයෙන් දැරණියගල උතුර, වත්තෙගෙදර හා ලස්සෙගම යන ග්‍රාම නිලධාරී වසම් වල නිවෙස් වලට ගොස් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම හා ඩෙංගු උවදුර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.07.21 වන දින දවස පුරා ක්‍රියාත්මක කෙරුණි.
එමෙන්ම ඊට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය ඩෙංගු වලින් තොර කලාපයක් වශයෙන් ආදර්ශයක් ලබාදීමේ අරමුණින් කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද කාර්යා මණ්ඩලයේ සහභාගිත්වයෙන් සාර්ථක සිදු කෙරුණි.
මෙම සියලු කාර්යයන් සාර්ථක කරගනු වස් සහය දැක්වූ සියලු දෙනාටම හදපිරි ස්තුතිය පිරිනමමු.