දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන සැලසුම 2023 ට අදාලව කාර්යාලයේ නිලධාරීන්ගේ නායකත්වය හා පෞරුෂත්ව සංවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවේ 2 වන අදියර ලෙස, කාර්යාලීය කාර්ය මණ්ඩලය උදෙසා පැවැත්වූ පෞරුෂත්ව සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩසටහන 2023.07.19 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී හා මුහන්දිරම් කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී කණ්ඩායම් ක්‍රියාකාරකම්, මානසික සංවර්ධන වැඩසටහන්, මෘදු කුසලතා සම්බන්ධ දේශන ආදි විවිධ අංගයන්ට නිලධාරීන්හට සහභාගීවීමට අවස්ථාව උදාවිය.
මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදුන් කාර්යාලීය සමාජ සේවා නිලධාරී, මානව සම්පත් සංවර්ධන නිලධාරී, නිපුණතා සංවර්ධන නිලධාරී, ව්‍යවසාය සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී දක්ෂි මහතා ඇතුලු නිලධාරීන්ව කෘතවේදීව සිහිපත් කරමු
🙏
. මෙම වැඩසටහන රජයේ ප්‍රතිපාදන භාවිතයකින් තොරව පැවැත්වීම සුවිශේෂි විය.