දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, වැඩිහිටියන් වෙනුවෙන් සිදු කරනු ලබන සේවාවන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස ඔවුන්ට වැඩිහිටි හැදුනුම්පත් සකස් කර දීමේ ජංගම සේවයක් 2023.07.15 දවස පුරා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙහිදී සෑම වසමක්ම නියෝජනය කරමින් අවු. 60 ට වැඩි ෙජේෂ්ඨ පුද්ගලයින් 335 දෙනෙකුට හැඳුනුම්පත් ලබා දීමට හැකි විය. මෙම වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා සම්බන්ධ වෙමින් ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් හා බෝ නොවන රෝග වැළැක්වීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කල දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය වී තිබිණි. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වූ සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.




0 Comments