ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අප කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද, රස්නක්කන්ද වසමේ අවුරුදු 05ට අඩු දරුවන් සිටින මවුවරුන් සඳහා පෝෂණය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වැඩසටහනක් 2023-07-11 දින පවත්වන ලදී.
මෙහිදී, දරුවන්ගේ පෝෂණය පිළිබඳව මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් දැනුවත් කරන ලදී. වනිතා සංවර්ධන නිලධාරී විසින් පෝෂණය පිළිබඳව හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව පුහුණුව ලබාදෙන ලදී.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් ළමා ආරක්ෂාව හා රැකවරණය පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී. තවද සමාජ ආරක්ෂණ නිලධාරී විසින් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය හා එහි ප්‍රතිලාභ පිළිබඳවද උපදේශන සහකාර විසින් සතුටු පවුල් පිළිබඳව දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සදහා සංවිධානය හා සහයෝගය ලබාදුන් වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී ඇතුලු සියළුම නිලධාරීන්හට අපගේ කෘතවේදිත්වය පල කරමු