දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වේ.
=================================
දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති
ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු පළාත් සභා මත්‍රි අජිත් ශ්යාමින්ද මැතිතුමාගේ සහභාගීත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි 2023.07.05 දින රැස්විණි.
මෙම හමුවේ දී දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල මේ වන විට පවතින ගැටළු සදහා විසදුම් ලබා දීම පිළිබඳව අවධානය යොමු කෙරුණි.
බස්නාගල ක්‍රියාත්මක WASSIP ජල ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරිමට පවතින බාධක පිළිබඳවත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මාර්ග වලට අවම හානියක් වන සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය බවත් එම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳවත් සාකච්ඡවට බඳුන් විය.
දැරණියගල නූරිය මාර්ගයේ සංවර්ධන කටයුතු වල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ නූරිය මාර්ගයේ සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදුවන බවත් එහි කටයුතු සැප්තැම්බර් මාසය වන විට බොහෝ දුරට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
දැරණියගල බස් ගමනාගමනය පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමටද මෙහිදී අවධානය යොමු විය.
"කෑගලු අභිමන්" රැකියා පොළ සදහා දේශීය හා විදේශීය රැකියා නියෝජිත ආයතන විශාල ප්‍රමාණයක් සම්බන්ධ වන බැවින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඒ සඳහා යොමු කරවීමේ අවශ්යතාවය ගරු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා විසින් අවධාරණය කරන ලදී.
මීට අමතරව නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන නිවාස අලුත්වැඩියා කර ගැනීම සහ නිවාස ඉදිකර ගැනීම සඳහා වූ චෙක්පත් ප්‍රදානය කිරීමද ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ සඳහා දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් රැසක් සහභාගි වූ අතර අනෙකුත් රාජ්‍ය ආයතණ නියෝජනය කරමින් දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යතුමන්, දැරණියගල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති තුමන්, නූරිය හා කිතුල්ගල පොලිස් ස්ථාන වල නිලධාරීන්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන්, දැරණියගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, දැරණියගල ඩිපෝ අධිකාරි තුමන්,දැරණියගල පශු වෛද්‍ය නිලධාරීතුමිය, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුතුමන්, WASSIP ව්‍යාපෘතියේ නිලධාරීන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.