ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් පෝෂණ මාසය නිමිති කරගෙන දැරණියගල ප්‍රාදේශීය සභාවේ පෙර පාසලේ මව්වරුන් හා දරුවන් වෙනුවෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන් විසින් එම ආයතන දෙක ඒකාබද්ධ කර ගනිමින් 2023-06-27 දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් දරුවන්ගේ පෝෂණය පිළිබඳ මව්වරුන් දැනුවත් කිරීම සිදු කරන ලදී. වනිතා සංවර්ධන නිලධාරී විසින් අඩු වියදමකින් පෝෂණීය ආහාර (පෝෂණීය කොළකැඳ, බත් පුඩින්, අන්නාසි ජෑම්) සකස් කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව පුහුණුව ලබා දුන් අතර එම ආහාර පෙර පාසලේ දරුවන්ට ලබා දෙන ලදී. මෙහිදී ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවද, උපදේශන නිලධාරී විසින් සතුටු පවුල් ඇතිකරගැනීම පිළිබඳවද, සමාජ ආරක්ෂණ නිලධාරී විසින් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය හා එහි ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන සදහා සහයෝගය දැක්වූ සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.