දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා සිදු කරන වැඩසටහන් අතර ව්‍යවසායක ව්‍යාපෘති වල නිරත වන සහ අළුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කාන්තාවන් සදහා ආදායම් උත්පාදන මාර්ග සදහා පෙළඹවීමේ දෙදින පුහුණු වැඩසටහනක් වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සංවිධානයෙන් 2023.06.07 සහ 2023.06.09 දින දෙක පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සදහා සම්පත් දායකත්වය ලබා දුන් දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, ප්‍රදේශීය ලේකම්
කාර්යාලවල සේවයේ නියතු මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ට අපගේ කෘතවේදීත්වය පල කරමු.