ප්‍රාදේශිය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් වැඩිහිටියන් සදහා සලසන සේවාවන් අතර තවත් එක් වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. ඒ අනුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මගින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී, අවම පහසුකම් අවශ්‍ය වැඩිහිටියන් සඳහා කොමඩ් වැසිකිළි කට්ටල සහ ඇඳ, මෙට්ට යන උපකරණ ප්‍රදානය 2023.06.07 දැරණියගල ප්‍රදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී සිදු විය. මෙහිදී ලක්ෂ 5 ක වටිනාකමකින් යුත් උපකරණ ප්‍රතිලාභීන් 23 දෙනෙකු වෙත බෙදා දුන් අතර සමාජ සේවා අංශයේ නිලධාරීන් මෙ සදහා සම්බන්ධ විය.