ජුනි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍යව්‍ය විරෝධී දිනය තේමා කර ගනිමින් ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, දැරණියගල කදිරේෂන් දෙමළ මහා විද්‍යාලයේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.06.27 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දරුවන් මත් උවදුරින් මුදවා ගැනීමේදී දෙමාපියන්ගේ කාර්යභාරය කෙසේ විය යුතුද යන්න පිලිබදව මෙහිදී දැනුවත් කළ අතර, කෑගල්ල දිසත්‍රික් බාහිර සේවා සහකාර(ප්‍රතිකාර හා පුනරුත්ථාපන) එස්. සී. තොටවත්තගේ පියතුමාණන් හා නව දිගන්තය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන නිලධාරී සෆ්රාන් මහතා විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.
එමෙන්ම මෙම වැඩසටහන සමගාමීව මියනවිට දෙමළ විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණි. මේ සදහා සහයෝගය ලබා දුන් කදිරේෂන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාටත්, මියනවිට විද්‍යාලයේ විදුහල්පතිතුමාටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් හදපිරි කෘතඥතාවය පුද කර සිටිමු.



0 Comments