ශ්‍රීරී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යාපන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර, ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි ශිෂ්ය සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ
“සහසත්” වැඩසටහන 2023.06.03 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රරවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩසටහන දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් 150 දෙනෙකු සදහා පාසල් උපකරණ හා නිල ඇදුම් ප්‍රදානය කිරීමේ වැඩසටහනකින්, දරුවන්ගේ දන්ත සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සදහා පැවැත්වූ ජංගම දන්ත සායනයකින් හා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුදම්මි පෙරේරා මෙහෙයවූ බෝ නොවන රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකින් සමන්විත විය. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතාගේ දේශනයකට සවන් දීමටද දරුවන්ට අවස්ථාව උදා විය. දැරණියගල සිරි සුමන දහම් පාසලේ දැරියන්ගේ හා දෙහිඕවිට දෙමළ මහා විද්‍යාලයේ දැරියන්ගේ විචිත්‍රවත් නර්තනාංග වලින් වර්ණවත් වූ මේ වැඩසටහන සදහා අනුග්‍රහකත්වය ලබා දුන් #Parallax_Technologies ආයතනයේ අධිපතිතුමන්ට, දෙහිඕවිට #Priyantha_TVS අධිපතිතුමන්ට හා ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවට ගෞරවනීය ස්තුතිය පිරි නමන අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් ආචාර්ය ජනක ප්රනාන්දු මැතිතුමාට හා පශ්චාත් උපාධි ශිෂ්‍ය සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ට, කාර්යාලයීය නිලධාරීන්ට, සියලු දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට අපගේ කෘතවේදීත්වය පල කරමු