ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් කාන්තාවන් වෙනුවෙන් සංවිධානය වන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් 2023-06-15 දින නිල්වල වසමේ කාන්තා සංවිධානයේ සාමාජිකාවන් සඳහා පැවැත්විණි. මෙහිදී ළමා ආරක්ෂාව හා රැකවරණය පිළිබඳව දැනුවත් කිරීමක් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී. එහිදී සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමක් සමාජ ආරක්ෂණ නිලධාරී විසින් සිදුකරන ලදී. මෙහිදී වනිතා සංවර්ධන නිලධාරී විසින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ (කාමරංගා චට්නි හා ලුණු දෙහි සැකසීම) පුහුණුව ලබාදීම සිදුකරන ලදී. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හා සංවර්ධන නිලධාරි විසිනි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට කෘතවේදීත්වය පළ කරමු.



0 Comments