විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳව තාක්ෂණික පුහුණු වැඩසටහනක් 2023.06.13 වන දින ඌඩාපොළ වසමේ සම්පත් විසිතුරු මත්ස්ය ගොවිපලෙහි දී ඉතා සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන විසිතුරු මසුන් අපනයනය කිරීම අරමුණු කරගෙන පැවැත්වූ අතර සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ දැරණියගල කොට්ඨාශයේ මෙම ව්‍යාපාරය ඉතා සාර්ථකව සිදු කරනු ලබන සම්පත් මහතා හා ලසන්ත මහතා විසිනි. මෙම වැඩසටහන අප කාර්යාලයේ අපනයන සංවර්ධන නිලධාරී, කුඩා ව්‍යාපාර නිලධාරී සහ ඵලදායිතා නිලධාරී යන නිලධාරින්ගේ සංවිධානයෙන් සහ වසම්භාර නිලධාරින්ගේ සහයෝගයෙන් සිදු කෙරිණි. මේ සදහා ගොවිපල ලබා දුන් සම්පත් මහතාට විශේෂ ස්තුතියක් පුද කරන අතර, වැඩසටහන සදහා සහභාගි වු වසම්භාර නිලධාරීන් ඇතුලු සියලුදෙනාහට ද ස්තූතිය පුද කරන්නෙමු.



0 Comments