Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

දැරණියගල පොසොන් කලාපය





දැරණියගල නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන පොසොන් කලාපයට සමගාමීව දැරණියගල ප්‍රාදේශී ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, පරිපාලන ග්‍රාම නිලධාරී රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස විසින් නිර්මාණය කරන ලද මුචලින්ද නාග දරණය පොසොන් නිර්මාණය ඇතුළු දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන්ගේ පොසොන් නිර්මාණ රැසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රිඩාංගනයේදී ප්‍රදර්ශනය කරනු ලබයි. මීට සමගාමීව පොසොන් බැති ගී වැඩසටහනක්ද කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති අතර බොහෝ පිරිසක් මේ නිර්මාණ නැරඹීම සදහා පැමිණ සිටිනු දක්නට ලැබිණි. පුරා දින පහක් පැවත්වෙන පොසොන් වැඩසටහනට දායකත්වය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.

 

Post a Comment

0 Comments