ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් පාසල් දරුවන් වෙනුවෙන් අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශය විසින් සංවිධානය කරන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්, 2023.05.18 දින මාලිබොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේදී පැවැත්විණි. මාලිබොඩ වසම කේන්ද්ර කර ගනිමින් පැවැති ජංගම සේවා වැඩසටහනට සමගාමිව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට දේවානන්ද විද්‍යාලයේ 11 ශ්‍රේණියේ හා 10 ශ්‍රේණියේ දරුවන් සහභාගි විය. මේ සදහා සහයෝගය ලබාදුන් මාලිබොඩ දේවානන්ද විද්‍යාලයේ විදුහල්පති තුමාට හා ආචාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය පල කරමු.


0 Comments