
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වය හා මගෙපෙන්වීමෙන්, අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින් අතරින් තෝරාගත් පිරිසක් සදහා "ව්‍යාපාර සැලසුම් සකස් කිරීම" සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.17 දින කෑගලු දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර ඒකකයේ ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී තුලානි ජයසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථකව කර ගැනීම උදෙසා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුදෙනාටම හදපිරි ස්තුතිය පුද කරමු.

0 Comments