සම්බුදු තෙමගුල බැතියෙන් සමරමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් කාර්යාලයීය නිලධාරීන් විසින් සංවිධානය කල වෙසක් සැමරුම් පිංකම් මාලාවේ තවත් එක් පියවරක් ලෙස සමෘද්ධි සංවර්ධන අංශයේ අනුග්‍රහකත්වය ඇතිව පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්මදේශණයක් 2023.05.08 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී කොත්තමල්ලි සහ බිස්කට් දන්සලක්ද පැවැත්විණි. මේ සදහා කාර්යාලයීය නිලධාරීන් සහභාගි විය. ඊට අමතරව සමාජ සේවා අංශය ප්‍රමුඛව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගේ සහයෝගයෙන් සංවිධානය කල මඤ්ඤොක්කා දන්සල කාර්යාල පරිශ්‍රයේදී පැවති අතර සේවාලාභීන් හා කාර්යාලයීය නිලධාරීන් මේ සදහා සහභාගි විය. මේ සියලුම සද්කාර්ය්‍යන්ට සහය වූ සියලු දෙනාට පුණ්යානුමෝදනා කරමු.