දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් පවත්වා ගන යනු ලබන වැඩිහිටි ග්‍රාමීය කමිටු අතරින් කැපී පෙනෙන කමිටුවක් වන මියනවිට ශ්‍රී සහන වැඩිහිටි සමිතිය වාර්ෂිකව සංවිධානය කරන "අවුරුදු සුහද හමුව" 2023.05.18 දින පහළ මියනවිට විහාරස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. නැටුම්, ගැයුම්, කවි ආදී වින්දනීය රසාංග රැසකින් සමන්විත වූ මේ වැඩසටහන සදහා ප්‍රාදේශයේ දරුවන්ගේ නිර්මාණද අන්තර්ගත විය. පරිපාලන ග්‍රාම නිලධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා සමාජ සේවා අංශයේ නිලධාරීන් හා වසමේ රාජ්‍ය නිලධාරීන් සහභාගි විය. අවුරුදු රසකැවිලි වලින් හා දිවා ආහාරයෙන් පැමිණි පිරිසට සංග්‍රහ කරන ලද අතර මේ වැඩසටහන සදහා සහයෝගය දුන් මියනවිට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා ප්‍රාදේශවාසි සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.