ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් වෙසක් සතියේ සමාරම්භය සනිටුහන් කරමින් දැරණියගල සිරිසුමන වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් උදෙසා 2023.05.04 වන දින පවත්වන්නට යෙදුණු ධර්මදේශණාමය පිංකම, අප කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍ය ගලහිටිකන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු අතර ඊට සමගාමීව අප කාර්යාලයේ නිලධාරින් විසින් වැඩිහිටි නිවාසයේ ශ්‍රමදාන කටයුත්තක් ද සිදුකරන ලදී . ඒ සදහා දායකත්වය බහුකාර්යය සහයක නිලධාරීන් ඇතුළු කාර්ය්‍යායීය නිලධාරින් විසින් ලබා දුන් අතර පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ට නමස්කාර පූර්වක ස්තුතිය පල කරන අතර සිරිසුමන වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට, නිවාසයේ පාලිකාවට, සිරිසුමන නිවාසයේ පාලක මණ්ඩලයට, බහුකාර්ය සහයක නිලධාරින්ට හා වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි ඇතුළු සහය ලබාදුන් සියලු දෙනාට පුණ්යානුමෝදනා කරමු



0 Comments