ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සමෘද්ධි සංවර්ධන අංශය විසින් සංවිධානය කල ''දුම් වැටියෙන් මිදුණු රටක්-සතුට පිරුණු අලුත් ගමක්" තේමාව කර ගත් ජාත්යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමී මතද්‍රව්‍ය නිවාරණ වැඩසටහන 2023.05.31 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. දුම් වැටි විරෝධී කොඩි සතියේ සමාරම්භක අවස්ථාවද මීට සමගාමීව ක්‍රියාත්මක විය. අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයේ හානිකර තත්වය, මත්ද්‍රව්‍ය භාවිතයට තරුණයන් හා දරුවන් ගොදුරු කරගන්නා ආකාරය, එයින් මිදිම සඳහා ගතහැකි කියාමාර්ග ආදිය පිළිබඳ වසම් මට්ටමින් විසිරී පවතින සමෘද්ධි ප්‍රජා මූල සමිති ප්‍රජා නායකයින් හා සමෘද්ධි සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීම මෙහිදී සිදු විය. අන්තරායකර මත්ද්රව්ය නිවාරණය පිළිබඳ කෑගල්ල දිස්ත්රික් බාහිර සේවා සහකාර (ප්රතිකාර හා පුනරුත්ථාපන) එස්.සී.තොටවත්තගේ පියතුමන් විසින් මේ සදහා ගෞරවනීය සම්පත් දායකත්වය සැපයූ අතර මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලුම කාර්යාලයීය නිලධාරීන් හා ප්රජා මූල සංවිධාන වල නිලධාරීන්ට අපගේ කෘතවේදීත්වය පල කරමු.



0 Comments