ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සංවිධානය වූ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රායෝගික දැනුවත් කිරීම් සහිත වැඩසටහනක් 2023.05.30 දින බැහැනැල්ල වසමේදී පැවැත්විණි.බැහැනැල්ල ගොවි කාන්තා සමිතියේ සාමාජිකාවන් හා වසමේ අනෙකුත් කාන්තාවන් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැනුවත් කිරීම හා ඔවුන් ආහාර සැකසීම පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සංවිධානය වූ මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ වනිතා සංවර්ධන නිලධාරිතුමිය විසිනි. වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය මේ සදහා ලැබුණු අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය වූ වසමේ සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.


0 Comments