දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුලි පාරිභෝගික ජනතාවගේ විදුලිය සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමේ අරමුණින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් සංවිධානය කරන ලද ජංගම සේවා වැඩසටහන 2023/05/24
දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ජංගම සේවා වැඩසටහන සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා සමග එම කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූ අතර, රුවන්වැල්ල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ විදුලි අධිකාරිතුමා සහ දැරණියගල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ විදුලි අධිකාරිතුමා ඇතුළු එම කාර්යාල නියෝජනය කරමින් සෙසු නිලධාරීන්ද සහභාගී විය. එහිදී පාරිභෝ
ගික ජනතාවගේ ගැටළු සදහා ක්ෂණික විසදුම් ලබා දුන් අතර, එදින විසදුම් ලබාදීමට අපොහොසත් වූ ගැටළු නිරාකරණය කරගැනීම සදහා අවශ්ය මගපෙන්වීම්ද සිදු කරන ලදී.මේ කාර්ය්‍ය සදහා සහයෝගය දුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.