Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ජංගම_සේවා_වැඩසටහන_මාලිබොඩ_වසම





-------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සංවිධානය වන ජංගම සේවා මාලාවේ තවත් එක් වැඩසටහනක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.05.18 දින මාලිබොඩ දමිළ විද්‍යාලයීය ප්‍රරිශ්‍රයේදී දිනය පුරා ක්රියාත්මක විය. මෙහිදී, රෙජිස්ට්‍රාර් අංශයේ කටයුතු, ජාතික හැදුනුම්පත් ලබාදීමට අදාළ කටයුතු, මානව සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වැඩිහිටි හැදුනුම්පත් සැකසීම, වැඩිහිටි ආධාර අයදුම්පත් ලබාදීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සදහා ආධාර අයදුම්පත්‍ර ලබා දීම, ළමයින් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම, කාන්තාවන්ට ඇති වන ගැටලු සදහා අවශ්‍ය යොමු කිරීම් ආදී සේවාවන් රාශියක් ක්‍රියාත්මක විය. මෙහිදී මාලිබොඩ ආශ්‍රිත වතු ප්‍රජාවගේ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් වැවිලි ප්‍රජා සංවර්ධන අංශය මෙහි සංවිධාන කටයුතු වලට මූලික විය. මෙම වැඩසටහනට සමගාමීව ආයූර්වේද ජංගම සායනයක්ද පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරිණි. මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.


 

Post a Comment

0 Comments