ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් කාර්යාලයීය සංස්කෘතික අංශය සංවිධානය කල දැරණියගල ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ කලා ශිල්පීන් හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් නිර්මාණ ඉදිරිපත් කරන ලද " මහිම දහරා" විද්යුත් සගරාව දොරට වැඩුම,ජාතික මට්ටමේ දක්ෂතා ඇති දැරණියගල පුරවරයෙන් කලා ලොව ජයගත් කලාකරුවන්ට ආධාර ලබා දීම හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පුස්තකාලය ආරම්භ කිරීම සදහා ග්‍රන්ථ බාර ගැනීම 2023.05.15 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. මෙහිදී කාර්යාලයීය කලා කවය පිහිටුවා ගැනීමද ඊට සමගාමීව සිදු කරන ලදී. මෙම වැඩසටහන සදහා සහයෝගය දුන් සියලු දෙනාට කෘතවේදීත්වය පල කරමු.



0 Comments