ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ 2023 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීමට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන වෙසක් සතිය වෙනුවෙන්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, 'සෞඛ්‍ය_සම්පන්න_දිවියක්' යන තේමාව යටතේ මත්දව්‍යය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 වන දින සිරිසමන් ජාතික පාසලේ දරුවන් 250කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කෑගලු දිස්ත්‍රික් බාහිර සේවා සහකාර (පතිකාර හා පුනරුත්ථාපන) තොටවත්තගේ පියතුමන් විසින් මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දුන් අතර, අප කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටිකන්දේ ධම්මවංස හිමි, සමාජ සේවා නිලධාරීතුමා,ප්‍රජා විශෝධන නිලධාරීතුමිය, බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරීතුමා, මත්දව්‍ය විෂය භාර නිලධාරීතුමි. හා මත්දව්‍යය නිවාරණ බහුකාර්ය සහායක යන අය සහභාගි වූහ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දැක්වූ සිරිසමන් විද්‍යාලයේ විදුහල්පති තුමා, ගුරු මණ්ඩලය ඇතුලු සිසු දරු දැරියන් හට විශේෂ ස්තුතිය පුද කර සිටිමු
.


0 Comments