Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ජාතික_තරුණ_දින_සැමරුම_2023



------------------------------
2023 ජාතික තරුණ දිනය තේමා කර ගනිමින්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා මගපෙන්වීමෙන්, තරුණ සේවා නිලධාරී සුජීව පලිස්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන්,
2023.05.23 වන දින කෑ/දැර/ බස්නාගල ජාතික පාසලේ සිසුන් 200 කට අධික සංඛ්යාවකගේ සහභාගිත්වයෙන් යෞවන සමාජයක් පිහිටුවීමට කටයුතු කරන ලදී. එමෙන්ම ඊට සමගාමීව නායකත්වය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ සදහා සම්පත්දායකත්වය ලබාදුන්නේ තරුණ සේවා නිලධාරී විසිනි.
මෙම අවස්ථාව සදහා, නූරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා, ආර්ථික සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී ඇතුලු වසමේ රජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගි වූ අතර,
වැඩසටහන සාර්ථක කර ගැනීම උදෙසා පූර්ණ සහය ලබාදුන් බස්නාගල ජාතික පාසලේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්ටත්, නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් හෘදයාංගම ස්තුතිය පුද කරමු.


 

Post a Comment

0 Comments