දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් පැවති දිරිය දරුවන්ගේ සූර්ය මංගල්‍ය 04/05/2023 වන දින උත්කර්ෂවත් අයුරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන විචිත්රවත් නර්තනාංග, අවුරුදු ක්‍රිඩා හා විනෝදාත්මක ක්‍රිඩා වලින් සමන්විත විය. මෙහිදී ප්‍රාදේශීය ස්වශක්ති බලමණ්ඩලයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන් හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දක්ෂතා එළිදැක්වීමටත්, ඔවුන්ගේ මානසික සතුට වර්ධනය කිරීම සදහාත් අවස්ථාව උදාවිය. කාර්යාලීය නිලධාරීන්ගේ නොමසුරු සහයෝගය මේ වැඩසටහනේ තරග සංවිධානය හා තරග විනිශ්චය සදහා ලැබුණු අතර මේ සදහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ ඔවුන්ට කෘතවේදීත්වය පල කරමු.එමෙන්ම මේ සද්කාර්ය සාර්ථක කර ගැනීම සදහා සහය වූ මුහන්දිරම් විද්‍යාලයේ විදුහල්පතිතුමා,විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරු මහත්මිය,දැරණියගල කදිරේෂන් ද්‍රවිඩ විද්‍යාලයේ විදුහල්පතිතුමා හා විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරු මහත්මිය,නක්කාවිට කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා හා විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරු මහත්මිය,නිල්වල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා හා විශේෂ අධ්‍යාපන ඒකකය භාර ගුරු මහත්මිය, කෘතවේදීව සිහිපත් කරමු.





0 Comments