2011 වසරේ සිට 2023 වසර දක්වා පුරා වසර 13 ක කාලයක් කඳු මැද නුවර ගම් දනව් සිසාරා මංමාවත්, වැව් අමුණු තනන්නට, නිසි මග පෙන්වමින් ජනතාව වෙනුවෙන් නිහතමානීව නොනිමි මෙහෙවරක් ඉටුකළ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත 28/04/2023 දින සිට ස්ථානමාරු ලබා යන සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ආනන්ද සෝමරත්න මහතාට ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලයේ සුභාශිංසන පිරිනමන අතර, ඉදිරි අනාගතය සර්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායිද පතමු. එමෙන්ම ඒ වෙනුවෙන් පැවැත්වූ සුහද හමුව වෙනුවෙන් සහභාගි වූ සැමට හදපිරි ස්තුතිය පිරිනමමු.